Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හෙට ප්‍රධාන පක්ෂ දෙකක මැයි රැලි සඳහා සහභාගීවීමට සැරසෙයි

3 years ago

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ ද්විත්වයක් විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලි දෙකකට එක්වීමට නියමිතය.

ඒ අනුව ජනපතිවරයා කොටගල මහජන ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු දහයට ආරම්භ වන ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලියට ප්‍රථමයෙන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදිය.

කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

මේ අතර හෙට ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිටදි එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.