පොදු ජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබෙනවා.
ඔහු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගී වීමට නියමිතයි.
2020 මහ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ පස්වැන්නා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

