Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට ආහාරවලට වස දාලා! පරීක්ෂණවලින් හෙළිවෙයි!

3 years ago

මීට මාස එකහමාරකට පමණ පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් ජපානය බලා පිටත්ව යන ගමනේදි ජපාන ගුවන් තොටුපලෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පැවති බවයි.

එහිදි තමන් ජපානයේදී මේ සම්බන්ධව පරීක්ෂණයක් කල බවත් එහිදි නිරීක්ෂණය වී ඇත්තේ තමන්ට ලබා දුන් ආහාරවල යම් රසායන ද්‍රව්‍යක් තිබී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එම ආහාර විස වීමෙන් තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය අක්‍රීය වී ඇති බව හෙළි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කවුරුන් හෝ තමන්ගේ ආහාර වේල සඳහා වස ලබාදී තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරෑ බවයි ඔහු පවසන්නේ.

තමන්ම මාස එකහමාරකට ආසන්න කාලයක් මේ හේතුවෙන් නිහඬව සිටි බවත් තවත් දින 25ක් විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයිද ඔහු පවසනවා.

ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලියට සහභාගි වෙමින් ඔහු මේ බව හෙළි කරනු ලැබුවා.