Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ ප්‍රබලයින් තිදෙනෙක් මැයි රැළිය මග හරී! ෆොන්සේකාත් කලින් පිටව යයි!

3 years ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ තලතා අතුකෝරල ඊයේ(01) දිනයේ පැවැති එම පක්ෂයේ මැයි දින රැලියට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

එමෙන්ම සමගි ජන සන්ධානයට සහයෝගය දක්වන පක්ෂ නායකයෙකුට රිෂාඩ් බදුයිදීන්ද එම රැළිය සහභාගී නොවීම විශේෂත්වයකි.

තලතා අතුකෝරල මන්ත්‍රීවරිය හා රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරයා විදෙස් ගතව සිටින බවයි වාර්තා වන්නේ.

නමුත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහභාගී නොවූ හේතුව පිළිබඳව කිසිවක් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම සමගි ජන සන්ධානය හා මෑතකදී එක් වූ ජීඑල් පීරිස් හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් සඳහා ඉදිරිපෙළ අසුන් වෙන් කර තිබීමද කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද රැස්වීම අවසන් වීමට ප්‍රථම රැස්වීම සඳහා සහභාගි වී සිටි භික්ෂූන් වහන්සේලාට ආචාර කර එම භූමියෙන් පිටව යන ආකාරයක් දක්නට ලැබිණි.