Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු සිටින ප්‍රබල දේශපාලනඥයෙකුගේ වාහනය අලුත්වැඩියාවට ලක්ෂ 260ක ඇස්තුමේන්තුවක්!

3 years ago

තමන් පරිහරණය කරන වාහනය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයක මුදලක් වැය වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ජාතික පුවත්පතකට ඔහු අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රධාන පෙලේ සමාගමකින් අදාළ ඇස්තමේන්තුව ලබා දුන් බවයි.

මෙම රථය වසර 15ක් පමණ භාවිත කර ඇති බව ද කතානායකවරයා පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම යෝග්‍ය බවටයි ඔහු අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සඳහන් කරන ද මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තමාගේ වාහනය අලුත්වැඩියා කරනවාට වඩා නව වාහනයක් ලබාගැනීම සුදුසු බව තමාට හැඟී ගිය බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

ඕනෑම වාහයනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි බවයි මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ.