Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මව්බිමේ පංචායුධය පෙරටු කරගත් නව සන්ධානයෙන් ජනපති අපේක්ෂකයෙක්

3 years ago

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය මේ වන විටත් ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, රොෂාන් රණසිංහ ආදී මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.