Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව හොඳටම අබලන් වෙලා! වහලෙන් වතුරත් වැටෙනවලු!

3 years ago

වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය කාන්දු වන බවත් එහි සේවයේ නියුතු පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා.

ඔහු පවසන්නේ වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පුදුමයට කාරණාවක් නොවන අතර මේ පිළිබඳව රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබූ බවයි.

ඒ අනුව පසුගිය 25 වන දින කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී වහාම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.