කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විදුලිය සිඳලීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ අදහස් හුවමාරුවක් අතරතුර දී යි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.
තමාට ගෙවීමට තිබුණේ ගිය මාසයට අදාළ රුපියල් 12,000ක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා විමසා සිටියේ, මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පවා දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කරන පසුබිමක සාමාන්‍ය ජනතාවගේ නිවසක විදුලිය විසන්ධි කිරීම අරුමයක් නොවන බවයි.

