රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ඇය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් බවත් එම නිසා ඩයනා ගමගේට මන්ත්‍රී ධූරයක් දැරීමේ හැකියාවක් නොමැති බව පවසමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ගොනු කර තිබුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි අභියාචනයක් ගොනු කළේය.
අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඊට අදාල තීන්දුවයි.



