සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) තීන්දුවක් ලබා දුන්නා.
එම තීන්දුවත් සමඟ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී තිබෙනවා.
රාජ්‍ය ඇමති ඩයනා ගමගේගෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රාහුමාන් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
මුජිබර් රහුමාන් මහතා පසුගිය මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදීම සඳහා ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.



