Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

T20 ලෝක කුසලාන මූලික සංචිතයට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප වෙයි

3 years ago

ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා මූලික සංචිතයේ දෙදෙනෙකු අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දී ඇති බව වාර්තාවනවා.

ඔවුන් දෙදෙනාගේ වීසා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ සංචිතය තුළ සිටින ක්‍රීඩකයෙකුගේ හා කණ්ඩායමේ සහායට සිටින සාමාජිකයකුගේ වීසා බවයි එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ලබාගත් සෙල්ෆි ඡායාරූපය වෙත මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කාතාබහක් ඇතිවී තිබේ.

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින්ගේ වීසා අයදුම් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබුණි.