Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15 වනදා පාර්ලිමේන්තුව විසුරුවයි ?

3 years ago

එළඹෙන පහළොස්වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට පුවතක් දේශපාලන ලෝකය තුළ පැතිර යමින් පවතිනවා.

පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එල්ල වන බලපෑම් හමුවේ ජනපතිවරයා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවටයි සජබ මන්ත්‍රීවරුන් බහුතරයක් පවසන්නේ.

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළද සටහන් පළ වෙමින් පවතිනවා.

නමුත් රජය ඉහළ පෙලේ ප්‍රකාශකයේ සඳහන් කළේ ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමක් සිදු නොවනු ඇති බවයි.

නව විදුලි බල පනත සම්මත කරගැනීම ජුනි මස මුල් සතියේ සිදු කර ගත යුතුව ඇතිව ඇති නිසා ඊට පෙර කිසිම හේතුවක් මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර රට බංකොලොත් බවින් මිදීමේ නිවේදනය නිකුත් කරන තෙක් ජනාධිපතිවරයා විසින් මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය පිළිබඳව කිසිඳු තීරණයක් නොගන්නා බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය පළමුව පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.