Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට අඳින ජර්සියේ තිරය පිටුපස කතාව මෙන්න! මෙරට ඉතිහාසය, සංචාරක මරමස්ථාන ඇතුළු රැසක් අන්තර්ගතයි!

3 years ago

එළබෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10දා) පස්වරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන අතර, ඒ අනුව එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සුවිශේෂී අවස්ථාව සිදුවිය.

මෙම අවස්ථාවට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය, කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තවත් බොහෝ පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.

විශේෂයෙන් මෙම ජර්සියට මෙරට සංචාරක මරමස්ථාන ඇතුළත් කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උත්පේරකයක් වනු ඇති බවද නිර්මාණය කළ Moose Clothing සමාගම බලාපොරොත්තු වෙයි.

ඒ අනුව මෙම ජර්සියට මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් ‘Nine Arches Bridge’, හබරන ‘අලි එකතුව’, සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් අන්තර්ගත කර ඇත.