කිසිඳු කුමන්ත්‍රණයකට තමන් සැලෙන්නේ නැති බවත්, ඉදිරියේදී බණ්ඩාරනායක පාර්ශ්වයද තමන් සමගින් එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අම්පාරේදී ඊයේ (11දා) පැවැත් වූ දිගාමඩුල්ල දිස්ත්‍රික් ගොවි සමුළුවට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවත් බයයි, අලිත් බයයි, සීනුවත් බයයි, මාලිමාවත් බයයි. දැන් ඔක්කොම එකට එක්කහුවෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. නමුත් ඔය එක කුමන්ත්‍රණයකටවත් සජිත් ප්‍රේමදාස සැලෙන්නේ හෝ පරාජය වෙන්නේ නැහැ.
හොඳට බලාගෙන ඉන්න. මේ අවස්ථාවේ මම කියන්න කැමතියි අනාගතයේදී බණ්ඩාරණායක මැතිණියගේ පාර්ශ්වයත් අපිත් සමග එකතු වෙනවා කියන එක.
අපේ රජයක් තුළ ඔය එක එක්කෙනාගේ දේශපාලන අශාවල් සතුටු කරන්න අමාත්‍යාංශ කඩන්නේ නැහැ. ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග, මේ සියල්ලක්ම එක අමාත්‍යාංශයක් යටතට ගේනවා.
ඒ වගේම ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තික් නිර්මාණය කර ඒ තුළින් ගොවියා රජවරුන් බවට පත්කරනවා” යනුවෙන් පවසා සිටියා.

