ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධූරයක් ලැබීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
මධ්‍යම පළාත නියෝජනය කරන මොහු වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයෙක් බවයි පැවසෙන්නේ.
එමෙන්ම මින් පෙරද මෙම දේශපාලඥයා ආණ්ඩු ගණනාවකම කැබිනට් අමාත්‍ය ධූර හොබවන ලද්දෙකි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඔහු නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියා.

