Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පුවත නිසා කොටස් වෙළෙඳපොළ දරුණු කඩා වැටීමකට ලක්වෙයි

3 years ago

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.