නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඒ පිළිබඳව තමන්ට සහතික විය හැකි බවයි ඔහු පවසන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නියමිත කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි.
ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනම් මහ මැතිවරණයක් පවත්වන බවට ප්‍රචරය වන පුවත අසත්‍ය බවද ඒ මහතා සඳහන් කරයි.

