Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් – අනුර විවාදයට සජබයෙන් දින දෙයි! ආර්ථික කමිටුව ඉස්සරහට! සජිත් පස්සට!

3 years ago

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය නායකයින් හා එම පක්ෂයන්හි ආර්ථික කමිටු අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට දින දී තිබෙනවා.

එම ලිපිය අනුව පළමුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමට දින ලබාදී තිබේ.

ඒ සඳහා ඔවුන් මේ මස 27, 28, 29, 30 සහ 31 යන දිනයන් යෝජනා කර, ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ සඳහා ජූනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා දැනුම්දෙන ලෙස යෝජනා කර ඇත.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි මෙන්ම විවාදය පිළිබඳ සම්බන්ධීකාරකද වන පා.ම. නලින් බණ්ඩාර විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවද ඔහු ලිපිය මඟින් දන්වා තිබේ.