ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12 යන සෙනසුරාදා දින දෙකෙන් එකක පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
සෙනසුරාදා දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අවධානය යොමු කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
මැතිවරණ නීතියට අනුව මෙම වසරේ ජූලි 17 වනදායින් පසුව නාම යෝජනා භාර ගන්නා දිනය නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමට අවස්ථාව ඇත.

