තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමට ඊයේ (21) පැවැති ඒල්. පී. එල්. ක්‍රීඩක වෙන්දේසියට පැමිණි Dambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමන් නම් පුද්ගලයෙක්ව කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කරනු ලබන නඩු කටයුත්තක් මත විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහුව රඳවා ගෙන ඇතැයි වාර්තා විය.
ඒ කටුනායකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින්.
“තරග පාවාදීමට යෝජනා කිරීමට උත්සාහ කිරීම” සම්බන්ධයෙන් ඔහුව සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.

