Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත්ට කරදර කරන්න එපා! හැකි නම් මා සමඟ විවාදයට එන්න! තවත් ජනපති අපේක්ෂකයෙක් අනුරට අභියෝග කරයි!

2 years ago

ජාතික ජන බලවේගය විසින් ජුනි මස 06 වැනිදා පැවැත්වීමට යෝජනා කළ විවාදයට සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බැවින් තමන් ඒ සඳහා සහභාගීවීමට කැමති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

සජිත් ප්‍රේමදාස අහිංසකයෙක් බැවින් ඔහුට කරදර නොකර තමන් සමඟ විවාදයකට සහභාගී වන ලෙසයි දිලිත් ජයවීර අනුර කුමාර දිසානායකට ආරාධනා කරන්නේ.

තමන් අනුර කුමාර දිසානායකගේ කිසිදු අසීරු ප්‍රශ්නයක් නොඅසන බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම අනුර කුමාර දිසානායකට තමන්ගෙන් කැලණි නයා ගැන, ඇන්ටිජන් ගැන මෙන්ම කොරෝනා පැණිය ගැනද ප්‍රශ්න කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.