වෙසක් පොහොය නිමිති කොට ගෙන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නවතම ගීතයක් එළි දක්වා තිබෙනවා.
බොදු බැති ගීයක් වන මෙම ගීතය නම් කර ඇත්තේ ‘සලපතල මළුව’ නමින්.
එම ගීතයට රූප රචනාවක්ද නිර්මාණය කර මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ බොදු බැති ගීයක් වන බැවින් මෙය වෙසක් පොහොය දිනයේ එළි දැක්වීමට කටයුතු කළ බවයි.

