දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්රමුඛ කණ්ඩායම එකමුතු කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකම නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස වර්ජනය කරනු ලැබ තිබේ.
ඒ බැසිල් රාජපක්ෂ එයට සහභාගීවීමට විරෝධය දක්වමිනි.
මෙම තත්වය හමුවේ එක්සත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු පිරිස සහ බැසිල් රාජපක්ෂ එක සාකච්ඡා මේසයකට ගෙන ඒමේ අතරමැදියෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බවයි එම ආරංචිමාර්ග පවසන්නේ.
ඒ අනුව මන්ත්‍රී නිමල් ලංසා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති කාර්යාලය විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම හමුව සඳහා බැසිල් රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතත් ඇතත් නිමල් ලංසාගේ පාර්ශ්වය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
