Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපකාරක පංතියට පැමිණි සිසුවියට අමුතු පාඩමක් ඉගැන් වූ ප්‍රසිද්ධ පාසල් ගුරෙක් අත්අඩංගුවට

2 years ago

වයස අවුරුදු දහසයක සිසුවියක් රවටා ඇය සමඟ ලිංගික සබඳකම් පවැත්වූ අවුරුදු හතලිස් දෙකක ගුරුවරයෙකු මනිපායී පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ සිසුවියගේ මිතුරියන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියගේ මාපියන්ට දැනුම්දීමෙන් පසු මාපියන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සිසුවිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන්  වාර්තාවක් ලබා ගැනීමට මනිපායි පොලිසිය පියවර ගෙන තිබේ.

එම වාර්තාවට අනුව සිසුවිය දූෂණය කර ඇති බව තහවුරු වීම හේතුවෙන් අනතුරුව අදාළ ගුරුවරයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගුරුවරයා යාපනය ප්‍රදේශයේ රජය පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සිය උපකාරක පන්ති පවත්වන ස්ථානයේ පවතින කාමරයක් තුළදී මෙලෙස සිසුවියව අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර ගුරුවරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.(hiru)