Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

2 years ago

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ක්‍රීඩාවල දූශණ වැලැක්වීමේ නීතිය ගෙන ආවේ තමන් බවත් එය නොදන්නා පිරිස් තමන්ට හා සනත් ජයසූරියට චෝදනා කරමින් සිටින බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

2019 පාර්ලිමේන්තුව විසිරවීමට දින දෙකකට ඉහතදි තමන් පනතක් මගින් සූදු ක්‍රීඩාවේ නියැලෙන කිසිවෙකුට ක්‍රීඩාවට ඒමට නොහැකි ලෙස නීති ගෙන ආ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ලොව කොතනැකවත් නොමැති නීතියක් ලංකාවේ පමණක් තිබීම විශාල ශක්තියක් බවත් මෙය නොදන්නා සමහර පිරිස් බොරු අවලාද නගමින් චෝදනා කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ හේතුවෙන් තමන් නීතීඥයන් සමග එක්වී නව ඔන්ලයින් පනත හරහා බොරු චෝදනා නැගූ සියල්ලන්ට එරෙහිව නඩු පැවරූ බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම චෝදනා නගන්නන් එම චෝදනා ඔප්පු කල යුතු බවත් එසේ නොමැතිනම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා තහනමට ලක් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනේ.