Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයිපීඑල් ශූරතාවය දිනා ගැනීමට කොල්කටාව මෙහෙය වූ ගෞතම් ගාම්භීර්ට කැමති වටිනාකමක් ලියා ගැනීමට ෂාරුක් ඛාන්ගෙන් චෙක්පතක්

2 years ago

ඊයේ නිමාවූ අයිපීඑල් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කෝල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් ipl ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ 2014 වසරෙන් පසුවයි.

ඒ සඳහා ගෞතම ගාම්භීර් ක්‍රීඩකයින් මෙහෙයවමින් දැක්වූ දායකත්වය ක්‍රිකට් ලෝලීන් කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.

මේ අතර ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා බඳවා ගැනීමට BCCI ආයතනය මේ දිනවල ප්‍රබල පුහුණුකරුවන් රැසක්  සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා.

ඔවුන්ගේ වැඩි අවධානය ගෞතම් ගාම්භීර් දෙසට යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන අතර මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ අවසන් තරගය දක්වා ගෙන ඒමට සමත්ව තිබෙනවා.

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරට ඔහු පත් වුණහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සියළු තනතුරු වලින් ඔහුට ඉවත් වීමට සිදුවෙනවා.

මේ නිසා ශාරුක් ඛාන් විසින් ඔහුව සිය කණ්ඩායමේ තවත් දස වසරක් රඳවා ගැනීම සඳහා හිස් චෙක් පතක් ලබා දී තිබෙන බවට ඉන්දීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරනවා.