ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් පුහුණු සැසිවාරය අවසන් කරෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් දක්වා ඔවුන්ගේ ගමනේදී බාධාවන් රැසකට මුහුණ දීමට සිදු වූ පුවතක් වාර්තා වනවා.
ශ්‍රී ලංකා හා අයර්ලන්ත ක්‍රීඩකයින් නිව්යෝර්ක් දක්වා පැමිණීම සඳහා ගුවන් තොටුපළෙහි පැය ගණනාවක් ගත කර තිබෙනවා. ඒ ගුවන් ගමනෙහි සිදු වූ ප්‍රමාදය හේතුවෙනි.
මුලින් සිකුරාදා රාත්‍රී 8.00 ට නිව්යෝර්ක් වෙත පැමිණිමට නියමිතව තිබූ අතර, අනතුරුව පසුදා උදෑසන 5ට පමණ දැඩි ප්‍රමාදයකින් යුක්තව පැමිණ තිබෙනවා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උදෑසන පිතිකරණ පුහුණු සැසිය අවලංගු කිරීමට ද සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, තරගය පැවැත්වෙන පිටියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති හෝටලයට පැමිණීමට පැය 1 හමාරක් පමණ කාලයක් වැය වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
මේ සම්බන්ධයෙන ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා සහ අයර්ලන්ත කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

