විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 06ක පරාජයක් අත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77ක් පමණි.
එහිදී කුසල් මෙන්ඩිස් 19(30), ඇන්ජලෝ මැතිව්ස් 16(16) හා කමිඳු මෙන්ඩිස් 11(15) ක්‍රීඩාකළ ඉනිම් ත්‍රිත්වය හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාව හෝ පසුකර යාමට නොහැකි විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අන්රිච් නොකියා සිය පන්දුවාර 04 අවසන් කළේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 07ක් තුළ දවාගනිමිනි.
ශ්‍රී ලංකාව ඊයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ ඔවුන් ජාත්‍යන්තර විස්සයි20 තරගයදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලකුණු 78ක ජයග්‍රාගී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16.2කදී කඩුළු හතරක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියා.
මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස්, කුමාර් සංගක්කාර පසුකර යමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු රකින්නෙකු වාර්තා කළ වේගවත්ම ලකුණු 1000 සීමාව පසුකළ යාමට සමත්වුණා. ඒ සඳහා ඔහු ඉනිම් 35ක් වැය කර ඇති අතර, කුමාර් සංගක්කාර ලකුණු 1000ක් වාර්තාකර ඇත්තේ තරග 38කදීය.
මෙම තරඟයේදී තරඟ වාර්තා කිහිපයක්ම අලුත් වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.
විස්සයි20 ලෝක කුසලානයකදී පූර්ණ සාමාජික රටක් රැස්කළ අඩුම ලකුණු
55 Eng vs WI Dubai 2021
60 NZ vs SL Chattogram 2014
70 Ban vs NZ Kolkata 2016
72 Ban vs Aus Dubai 2021
77 SL vs SA New York 2024 *
විස්සයි20 ලෝක කුසනයකදී පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දුවාර 04 (Most economical 4-over spell)
1.75 A Nortje vs SL New York 2024 *
2.00 A Mendis vs Zim Hambantota 2012
2.00 Mahmudullah vs Afg Mirpur 2014
2.00 W Hasaranga vs UAE Geelong 2022
විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව රැස්කළ අඩුම ඉනිම්
77 vs SA New York 2024 *
82 vs Ind Vizag 2016
87 vs Aus Bridgetown 2010
87 vs Ind Cuttack 2017
91 vs Eng Southampton 2021
