Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ බර අවි බංගලාදේශය හමුවේ පරාජය වැළඳ ගනී! නුවන් තුෂාරගේ උත්සහය අපතේ යයි!

2 years ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය කඩුලු 02කින් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.

 පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ආරම්භයේදී ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගැනීමට සමත් වූ අතර, ඔවුන් පවර්ප්ලේ අවස්ථාවේදී කඩුලු 02ක් දැවී ලකුණු 53ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ඉතිරි පන්දුවාර 14ටම ඔවුන් රැස්කළේ ලකුණු 71ක් පමණි.

හුදෙකලා සටනක නිතර වූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන එමින් පන්දු 28කින් ලකුණු 47ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට අලංකාර හයේ පහරක් හා හතරේ පහර 07ක් ඇතුළත් විය.

කෙසේ නමුත් ඔහු ලබාදුන් ප්‍රහාරාත්මක වේගය පවත්වාගෙන යාමට සෙසු කිසිඳු පිතිකරුවෙකුට නොහැකි විය.

ඉන් මන්දගාමී පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 26ක් නැතිනම් ඉනිමෙන් පන්දුවාර 4.2ක්ම ක්‍රීඩාකර ඉනිමට ලබාදුන්නේ ලකුණු 21ක් පමණි.

ඊට අමතරව චරිත් අසලංකගෙන්ද ප්‍රහාරාත්මක දායකත්වයක් කණ්ඩායමට නොලැබුණු අතර, ඔහු රැස්කළේද පන්දු 21කට මුහුණදෙමින් ලකුණු 19ක් පමණි.

ධනංජය හා චරිත් දෙදෙනාම පන්දුවාර 5.2ක් ක්‍රීඩාකර ඉනිමට එක්කළේ ලකුණු 30ක් පමණි.

ශ්‍රී ලංකා නායකයා මෙවරද පිත්තෙන් අසාර්ථක වූ අතර, ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියා.

දසුන් ශානකද පන්දු 07කට මුහුණදී රැස්කළේ ලකුණු 03ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු 19කට මුහුණදී රැස්කළේ ලකුණු 16ක් පමණි

ශ්‍රී ලංකාවට ප්‍රබලම බලපෑම එල්ල කිරීමට රිශාද් හුසේන් සමත් වූ අතර, ඔහු පන්දුවාර 04 අවසන් කළේ කඩුලු 04ක් දවාගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ කඩුළු ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණා.

එහිදී Litton Das ලකුණු 36ක්ද, Towhid Hridoy ලකුණු 40ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග කඩුළු 2ක්ද, ධනංජය සිල්වා සහ මතීෂ පතිරණ කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබුවා.