සමාජ මාධ්‍ය තුල විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
එමෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධූර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය කරුණු බවත් ඔහු පවසනවා.
අද (11) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කිරීම අසාධාරණ බවයි.
“නොදන්න මඟුල්වලට එක එක හෑලි ලියන උන්ට නම් අම්මපා මොකක්ද කරන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ක්‍රීඩාව දැන් වැටිලා. සමාජ මාධ්‍ය බැලුවොත් සියලුදෙනා දැන් වනිඳුටත් වැඩිය හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් අය. කොහෙවත් යන කීබෝඩ් වීරයන්ගේ කීමට ක්‍රිකට් වෙනස් කරන්න ගියොත් සති පතා වෙනස් කරන්න වෙන්නේ.”
