T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS method අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළා.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141ක්.
පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව DLS method ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවුණා
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී හැට්ට්‍රික් එකක් ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය.
ඒ බංග්ලාදේශය ට එරෙහිව පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ Super 8 වටයේ තරගයේදී දැක්වූ දස්කමත් සමගිනි.
ඔහු බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි ඕවරයේ පළමු පන්දුවේදී එම කඩුලු දවාගත්තේය.
මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරගය කදී හැට්ට්‍රික් එකක් දවාගෙන සිටින්නේ බ්‍රෙට් ලී ය.


