Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 16කට පසු ශ්‍රී ලංකා කාන්තා පිල අලුත් කළ වාර්තාව

2 years ago

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවට පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි අතර නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 275කි.

එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කළාය.

නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්තාය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 115ක් පමණි.

ඒ අනුව තරගාවලිය තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පූර්ණ තරාගවලි ජයක් ලැබූ අතර කොදෙව් කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල පූර්ණ තරගාවලි ජයක් ලැබුවේ වසර 16කට පසුවයි.