Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස්සයි විස්ස තරග පරාජය ගැන ශම්මිද සිල්වාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

2 years ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණය සම්බන්ධයෙන් තමන්ද පුදුමයට පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක් වූ ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ඔහු එහිදී විවේචනය කළා.

ඔහු සඳහන් කළේ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනෙකුත් කණ්ඩායම් හා සමාන මට්ටමේ පහසුකම් ලබා දුන් බවයි.

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් වූ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුව ද තරගාවලියේ ඇතැම් ගැටලුවලට විසඳුම් නොලැබුණු බව ද ඔහු සඳහන් කළා.

මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට සිදු වූ තණතීරු තරග තීරණ සඳහා බලපෑ බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන් ම ඇතැම් හොඳ කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වූ බවයි, ශම්මි ද සිල්වා මහතා කියා සිටියේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.