Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි! ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට! ඕස්ට්‍රේලියාව ඉවතට!

2 years ago

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 08ක ජයක් ලැබීමට බංගලාදේශය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

Rahmanullah Gurbaz ලකුණු 43ක්ද, නායක Rashid Khan නොදැවී ලකුණු 19ක්ද රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට වරින් වර ඇතිවූ වර්ෂාව හේතුවෙන් බාධා එල්ල විය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ තරගය පන්දුවාර 19කට සීමා කරමින් බංග්ලාදේශයට ලකුණු 114ක ඉලක්කයක් හිමි වුණා.

නමුත් බංග්ලාදේශය පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ලම දැවී රැස් කළේ ලකුණු 105 ක් පමණි.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ඇෆ්ගනිස්තානයේ මෙම ජයත් සමග ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.