Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු අප්‍රිකාව ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2 years ago

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ, එම තරගාවලියේ අවසන් වටයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 09ක පහසු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වීමත් සමගයි.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස්කරමින් සිය ජයග්‍රාහණය තහවුරු කළා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 5ක් අවසානයේ සියළු දෙනා රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 56ක් පමණයි.

විස්ස 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය ඉතිහාසයට එක් විය.

ඇෆ්ගනිස්තානයේ කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට නොහැකි වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ Azmatullah Omarzai ලකුණු 10ක් රැස්කළා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Marco Jansen සහ Tabraiz Shamsi කඩුලු 03 බැගින් දවාගත්තා.