සසෙක්ස් සහ ලෙස්ටර්ෂයර් කණ්ඩායම් අතර ඊයේ(26) පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී නව තරග වාර්තාවක් බිහි විය.
එම තරගය ලකුණු 18කින් ජය ගැනීමට සසෙක්ස් කණ්ඩායම සමත්විය.
ලෙස්ටර්ෂයර් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලුවී ෆිලිප් ජේම්ස් 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් ලකුණු 243ක් රැස් කළේය.
ඔහුගේ ඉනිමේ විශේෂත්වය වූයේ ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ඔලී රොබින්සන් යැවූ එක් ඕවරයකදී ලකුණු 43ක් ලබාගැනීමට සමත් වීමය.
රොබින්සන්ට එම පන්දුවාරය නිම කිරීම සඳහා පන්දු 9ක් යැවීමට සිදු විය. එම පන්දුවාරය තුළදී ඔහු නිපන්දු 3ක් යොමු කිරීම විශේෂත්වයකි.
එහිදී ඔහු එම ඕවරයේදී පිළිවෙලින් 6, 6 (නිපන්දුවකි), 4, 6, 4, 6 (නිපන්දුවකි), 4, 6 (නිපන්දුවකි), සහ 1 වශයෙන් ලකුණු 43ක් රැස්කළේය.
මීට පෙර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී එක් පන්දු ඕවරයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ වාර්තාව හිමිකරගෙන සිටියේ ලැන්කැෂයර් කණ්ඩායමේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (1998) සහ සරේ ප්‍රාන්තයේ ඩෑන් ලෝරන්ස් (2024) යන දෙදෙනා විසින් හිමි කරගෙන සිටි අතර ඔවුන් දෙදෙනා එක් පන්දු වාරයකදී ලකුණූ 38 බැගින් රැස්කර තිබුණි.


