පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ, ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ගයනා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අවසන් මහා තරගට තරගවදිනු ඇත.


