මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායකත්වයට නිරෝෂන් දික්වැල්ල නම්කර තිබේ.
තරගාවලිය ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ගෝල් මාර්වල්ස් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ හිමිකරු ප්‍රේම් තක්කාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කළමනාකාරීත්වය දික්වැල්ලගේ දැක්ම සහ ක්‍රිකට් දක්ෂතා කෙරෙහි විශ්වාසය තබා තිබේ.
නිරෝෂන් දික්වැල්ල නායකයා වීම පිළිබඳ සතුටු වන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ප්‍රකාශ කර තිබේ.
ඔහු විශිෂ්ට දස්කම් දක්වමින් මෙම වාරයේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර ඇත.


