Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

LPL තරගාවලියේදී Power Blast නමින් නව පවර් ප්ලේ අවස්ථාවක් හඳුන්වා දෙයි

2 years ago

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා නව නීතියක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව මුල් පන්දුවාර හයේ පවතින පවර් ප්ලේ අවස්ථාවට අමතරව තවත් පවර් ප්ලේ අවස්ථාවක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සෑම ඉනිමකම 16 වැනි හා 17 වැනි පන්දුවාර මෙලෙස Power Blast පන්දුවාර ලෙස නම් කර ඇති අතර, එම පන්දුවාර දෙකේදී යාර 30 සීමාවෙන් පිටත රැදවිය හැකි වන්නේ පන්දුරකින්නන් සිව් දෙනෙකු පමණයි.

LPL තරගාවලිය ජුලි පළමු වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.