Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

20 – 20 ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි! දකුණු අප්‍රිකානු නායකයාගේ සුවිශේෂී වාර්තාව තවදුරටත් රැක ගැනීමට හැකිවේවිද ?

2 years ago

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා.

අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායමද තමන් සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කර අපරාජිතයින් ලෙස අවසන් මහා තරගය සඳහා පැමිණ සිටීම ද විශේෂත්වයක්.

20-20 ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩා කරන තුන්වන අවස්ථාව මෙයයි

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන මහා තරගයක් සඳහා එක්වන්නේ පළමුවරට වීමද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන මාක්‍රම් විසින් ලෝක කුසලාන තරගාවලිවලදී නායකයකු වශයෙන් සුවිශේෂී දස්කමක් දක්වා තිබෙනවා.

ඔහු 2014 වර්ෂයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී තමන් නායකත්වය ලබාදුන් තරග හයෙන් හයම ජයග්‍රහණය කර ඇති අතර එමෙන්ම 2023 එක්දින ලෝක කුසලානයේදීද ඔහු නායකත්වය ලබාදුන් තරග ද්විත්වයම ජයග්‍රහණය කර ඇති අතර මෙවර තරගාවලියේදීද ඔහු නායකත්වය ලබා දුන් තරග 8ම මේ වන විට ජයග්‍රහණය කර තිබේ.