Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තර් සමාජ විස්ස විස්ස ශූරතාවය දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් එන්.සී.සී. ක්‍රීඩා සමාජයට

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් තරග කළ එන්සීසී ක්‍රීඩා සමාජය සමත් විය.

ඔවුනට ශූරතාවය සමඟින් රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමි විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අනු ශූරතාවය දිනා ගනු ලැබීය. ඔවුනට ඊයේ(28) පැවති තරගයේදී කඩුළු 8ක පරාජයක් අත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එන්සීසී පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඩ් පිලට ඕවර 10.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 54ක් පමණි.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 5කට කඩුලු 3ක්, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් ඉනිම බිඳ දැමූහ.

එම ඉලක්කය කඩුලු 2ක් දැවී සපුරා ගැනීමට සමත්වූ එන්සීසී පිලට වැය වූයේ ඕවර 5.5ක් පමණි.

ලසිත් ඇඹුල්දෙණිය අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර රුපියල් ලක්ෂ 2ක් සමඟ තරගාවලියේ වීරයා සම්මානය එන්සීසී ක්‍රීඩා සමාජයේ චාමික කරුණාරත්නට හිමිවිය.