Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරදා පහසු ජයක් ලබයි

2 years ago

එංගලන්ත යොවුන් (19න් පහළ) කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ හිමිකරගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.

මුල් කඩුලු තුන ලකුණු 65ක් තුළ බිඳවැටුණත්, මැදපෙළ පිතිකරුවෝ ශක්තිමත්ව තරගයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට කටයුතු කළා.

උපනායක ශරුජන් ශම්මුගනාදන් ලකුණු 57ක් , නායක දිනුර කළුපහන ලකුණු 49ක්, මලිත් පෙරේරා නොදැවී ලකුණු 58ක් හා දිනිරු අබේවික්‍රම නොදැවී ලකුණු 52ක් රැස් කරමින් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන යාමට සමත් විය.

ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 43.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 229ක් පමණි.

නෝහ් තයින් ලකුණු 58ක් හා නායක ලූක් බෙන්කන්ස්ටයින් ලකුණු 51ක් රැස්කරමින් දක්ෂතා දැක්වූවත්, සෙසු පිතිකරුවන් සියල්ලක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක විය.

එංගලන්ත හිටපු නායකයෙකු මෙන්ම විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුතෙකු වූ රිකී ෆ්ලින්ටොෆ්ද මෙම තරගයට ක්‍රීඩාකළ අතර, ඔහු පන්දු 25කට මුහුණදී රැස්කළේ ලකුණු 22ක් පමණි.

ශ්‍රී ලංකා ජය තහවුරු කළ විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 03ක් දවාගත්තා.

ඊට අමතරව හිවින් කේනුල (2/28), තිසර ඒකනායක (2/48) හා ප්‍රවීන් මනීෂ (2/50) කඩුලු දෙක බැගින් දවාලමින් දක්ෂතා දැක්වූවා.

දෙරට අතර දෙවැනි එක්දින තරගය ජූලි 01වැනිදා බ්‍රයිටන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.