ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා හට හිමිවීමට දැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග පවසනවා.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ විදේශීය පුහුණුකරුවන් තිදෙනකු පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇති බවයි.
ක්‍රිස් රොජර්ස් මහතා මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
46 හැවිරිදි වියේ පසුවන රොජර්ස් මහතා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකු වන අතර ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 25කට ක්‍රීඩා කර තිබේ.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර මෙම නව පත් කිරීම සිදු කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.


