හෙට දිනයේ ආරම්භවීමට නියමිත 2024 LPL තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුලු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙකු ද සමඟ 12 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි දී ICC අන්තර්ජාතික පැනලයේ විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන, රවීන්ද්‍ර විමලසිරි, රුචිර පල්ලියගුරුගේ, ප්‍රදීප් රඹුක්වැල්ල, Roland Black (අයර්ලන්තය), Faisal Khan Afridi (පාකිස්තානය) මෙවර තරගාවලියට එකවීමට නියමිතයි.
එමෙන්ම දේශීය පළමු පෙළ විනිසුරුවරුන් ලෙස චාමර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවින්ද්‍ර කොට්ටහච්චි, අසංක නානයක්කාර සහ S.P.R.I දුල්සිරි යන අය තරගාවලියේ විනිසුරු මඩුල්ලට එක් වී තිබෙනවා.


