Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් සුපිරි ඉන්දීය ක්‍රිකට් තරුවක් විස්සයි විස්ස පිටියට සමුදෙයි

2 years ago

ඉන්දීය කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා තමා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ජඩේජා පවසන්නේ තමා ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවීම සදා අමතක නොවන ජයග්‍රහණයක් බවයි.

35 හැවිරිදි වියේ පසුවන රවින්ද්‍ර ජඩේජා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 74කට ක්‍රීඩා කර තිබෙනවා.

විස්සයි විස්ස පිටියෙන් සමුගත්ත්ද තමා තවදුරටත් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග සඳහා ඉන්දියාව නියෝජනය කරන බව ඔහු පවසයි.