Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට නවකයින් දෙන්නෙක්! ජොනී බෙයාස්ටෝට කණ්ඩායමේ දොර වැසෙයි!

2 years ago

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම්කර තිබේ.

මෙම සංචිතය සඳහා නවක වේග පන්දු යවන්නෙකු හා කඩුලු රකින ක්‍රීඩකයෙකු කැඳවා තිබේ. ඒ අනුව 23 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක ජැමී ස්මිත් සහ වේගපන්දු යවන ක්‍රීඩක ඩිලෝන් පෙනින්ග්ටන් සංචිතයට කැඳවා තිබේ. 

එම සංචිතය තුලින් කඩුලු රකින පිතිකරුවන් දෙදෙනෙකු වන බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාස්ටෝ ඉවත් කර තිබීම විශේෂත්වයක්.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජූලි 10 වනදා ලෝඩ්ස් පිටියේදී ආරම්භවීමට නියමිතය.

එංගලන්ත සංචිතය මෙසේය – බෙන් ස්ටොක්ස් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බ්රූක්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඩිලෝන් පෙනින්ග්ටන්, ඔලී පෝප්, මැතිව් පෝට්ස්, ජෝ රූට්, ජැමී ස්මිත්, සහ ක්‍රිස් වෝක්ස්