Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ කෝටි ගණනක ත්‍යාග මුදල මෙන්න

2 years ago

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම පසුගියදා සමත් වුණා. ඔවුන් ලෝක ශූරතාවයක පහස විඳීමට සමත් වුණේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පිරිනැමුණු දැවැන්තම මුදල් ත්‍යාගයන් මෙවර තරගාවලියේදී පිරිනැමුණි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් අතර ඩොලර් මිලියන 11.25 ක ත්‍යාග මුදල් ප්‍රමාණයක් බෙදා දෙන ලදි.

මෙවර ශූරතාවය දිනා ගත් ඉන්දීය කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 75 ක පමණක් මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා.

අනුශූරතාවය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක් වන අතර එය ශ්‍රී
ලංකා මුදලින් රුපියල් කෝටි 39 කට ආසන්න වේ.

තරගාවලියට සහභාගී වූ අනෙකුත් කණ්ඩායම් අතරේ ත්‍යාග මුදල් බෙදී ගිය අයුරු පහතින්.

  • අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ඝනිස්තානයට හා එංගලන්තයට – ඩොලර් 787,500 බැගින් (රුපියල් කෝටි 24කට ආසන්නව)
  • සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් හතරට – ඩොලර් 382,500 බැගින් (රුපියල් කෝටි 11.5 කට ආසන්නව)
  • 9, 10, 11 හා 12 වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් හතරට – ඩොලර් 247,500 බැගින් ( රුපියල් කෝටි 7.5 කට ආසන්නව)
  • 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා – ඩොලර් 225,000 බැගින් (රුපියල් කෝටි 6.8 කට ආසන්නව)

මීට අමතරව ජය ගන්නා සෑම තරගයක් සඳහාම ඩොලර් 31,154ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 95ක් පමණ මූල්‍ය ත්‍යාගයක් පිරිනමනු ලැබීය. අවසන් තරගය හා අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය සඳහා මෙම දීමනාව අදාළ නොවුණි.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් කෝටි 7.5කට ආසන්න ත්‍යාග මුදලක් හා ජය ගත් එකම තරගය වෙනුවෙන් ඩොලර් 31,154ක මූල්‍ය ප්‍රදානයක් හිමිව තිබේ.