Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ උත්සහය අපතේ යයි! එංගලන්ත යොවුන් කණ්ඩායමට ලකුණු 30ක ජයක්!

2 years ago

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 30කින් ජය ගැනීමට එංගලන්ත යොවුන් පිළ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 360ක්.

එහි දී ෆෙඩ්රික් මැක්කැනන් ලකුණු 174ක් හා නෝහා තායින් ලකුණු 66ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කණ්ඩායම් නායක දිනුර කළුපහන ලකුණු 81කට කඩුලු 05ක් බිඳහෙළීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 361ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 330ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පුළිඳු පෙරේරා ලකුණු 64ක් රැස් කළේය.

පන්දුයැවීමේ දී ලුක් බෙනකෙන්ස්ටෙයින් කඩුලු 04ක් දවා ගැනීමටයි සමත් වු‌ණේ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය එකට එකක් ලෙස සම තත්වයේ පසුවෙයි.