Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට අකරතැබ්බයක්! බාබාඩෝස්හි සිර වෙයි!

2 years ago

ලෝක ශූර ඉන්දීය කණ්ඩා­යම ගමන් ආරම්භ කිරී­මට සිටි බාබ­ඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන් වසා දැමීම නිසා ක්‍රීඩ­ක­යින් නවා­තැ­න්ගෙන සිටින හෝට­ලයේ තව­මත් සිරවී සිටියි.

ඒ බාබඩෝස් වෙත බලපා ඇති බෙරලි සුළි කුණාටුව හේතුවෙන්.

ඉදිරි පැය කිහිපයේදී දී ගුවන් ගමන් කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි එරට බළධාරීන් පවසන්නේ.

ඉන්දීය කණ්ඩායම කඩිනමින් කොදෙව් දූපත් වලින් ඉවත් කර ගැනීමට බළධාරීන්ට මේ වන විට සිදුව ඇත්තේ බදාදා දිනයේ දී තවත් සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වන බවට අනාවැකි පලව තිබීම හේතුවෙන්.

මේ අතර ඉන්දීය කණ්ඩා­යම පැමිණි වහාම රුපි­යල් කෝටි 125ක ත්‍යාග මුද­ලක් ලබා­දෙන බවට ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතා ප්‍රකා­ශ­යට පත් කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 457කි. මෙය ලෝක කුස­ලාන ජය වෙනු­වෙන් අයි­සී­සීය ශූර­යින්ට ලබා­දෙන අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.45ට (රුපි­යල් කෝටි 747ට) අම­ත­රව ලැබෙන තෑග්ගකි.