Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුනිත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොළඹ කණ්ඩායමට ලකුණු 51ක ජයක්! ලකුණු 7කට කඩුලු 6ක් බිඳ වැටෙයි!

2 years ago

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවති තරගයෙන් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 51ක ජයක් වාර්ථා කිරීමට කලම්බු ස්ට්‍රයිකසර් කණ්ඩායම අද(2) සමත් වුණා.

ෆැල්කන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකසර් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 198ක් රැස් කළේය.

ස්ට්‍රයිකසර් කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම පන්දු 26 කින් ලකුණු 48 ක්, නායක තිසර පෙරේරා පන්දු 30 කින් ලකුණූ 38 ක් හා මුහම්මද් වසීම් පන්දු 18 කින් ලකුණු 32 ක් ලබා ගත්තා.

ස්ට්‍රයිකර්ස් ඉනිමට වේගවත් අවසානයක් එක් කළ චාමික කරුණාරත්න පන්දු 10කින් ලකුණු 25ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කසුන් රාජිත හා වනිඳු හසරංග කඩුළු 2 බැගින් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 15.5ක් අවසානයේ සියලු දෙනා රැස් කර ගත්තේ ලකුණු 147ක් පමණි.

කැන්ඩි කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 7ක් තුළ බිඳ වැටීම මෙම තරගයේ සිදු වූ විශේෂිත සිදුවීමකි.

14 වන පන්දුවාරය අවසානයේ මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වී තිබුණේ පන්දු 36කින් ලකුණු 59ක් පමණි.

15 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ශඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් තරගයේ වැඩි වාසි තම පිලට ගෙන දීමට සමත් විය. ඔහු සිය පන්දුවාර 4 නිම කළේ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමිනි.

ඔහුට නොමඳ සහයක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.